රාජ්‍ය පාලනය පිළිබඳ ස්ලීඩා සැසිය.
සාකච්ඡා වටය 01
දැක්මැති නායකත්වය (Visionary
Leadership)
පරිවර්තන කළමනාකරණය (Change
Management)
ප්‍රාදේශීය රාජ්‍ය පාලනය (Local Governance)
සහ
ස්ලීඩා පර්යේෂණ ග්‍රන්ථය එළිදැක්වීම.
රාජ්‍ය පාලනය තුළ න්‍යායාත්මකව සහ ප්‍රායෝගිකව හමුවන විවිධ මාතෘකා ඔස්සේ ශාස්ත්‍රීය සංවාදයක් ගොඩනැගීමට මෙම සැසිය
අරමුණු කර ගනී. එලෙස සජීවි සංවාදයක් ගොඩනගන මොහොතේ න්‍යායන් කොතරම් ප්‍රායෝගික ද යන්න විමර්ශනය කිරීම
බලාපොරොත්තු වේ.
ඒ තුළ ශ්‍රී ලාංකික රාජ්‍ය සේවයෙන් සක්‍රීයව පිළිබිඹු නොවූ උත්ගාමි තර්කණය හුදෙක් විශ්වවිද්‍යාල කතිකාවකට සීමා නොකර ව්‍යවහාර භාවයන් (applied implications) තුළ රාජ්‍ය සේවකයාට ඒත්තු ගැන්වීමට උත්සාහ කරමු.
ප්‍රතිපත්ති
සම්පාදනයේදී සංවාදයේ අවශ්‍යතාවය මෙම
සැසියේ තවත් අරමුණකි.
මෙම සංවාදයට දිගු අනාගතයක් අපේක්ෂාවෙන් වර්තමානයේ ගන්නා වූ උත්සහයට ඔබගේ ප්‍රචාරාත්මක අදහස් බලාපොරොත්තු වේ.
මෙම සැසියේ සාකච්ඡා වන මාතෘකා
මාතෘකා 01
අඛණ්ඩ ආයතන පරිවර්තන කළමනාකරණය තුළින් ආයතන සහ පුද්ගල පරිවර්තනය
ජිනසිරි දඩල්ලගේ මහතා
ලේකම් - රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන හා ප්‍රජාත්‍රන්තීය පාලනය පිළිබඳ අමාත්‍යාංශය
මාතෘකා 02
ප්‍රාදේශීය පාලන වියදම් සඳහා ප්‍රතිපත්තිමය ඇඟවුම් : ශ්‍රී ලංකා අත්දැකීම්
ආචාර්ය සේපාලිකා සුදසිංහ
ජ්‍යේෂ්ඨ උපදේශක
මාතෘකා 03
රාජ්‍ය පාලනය නැවත සැකසීම : දැක්මැති නායකත්වය සහ යාන්ත්‍රනික ක්‍රියාවලිය
හරීන් ගුණවර්ධන - උපදේශක
මෙවැනි සංවාද ආරම්භ කිරීම ඉතා වැදගත් කාලීන අවශ්‍යතාවයක් ලෙස මා දකිමි. මේ තුලින් ඉස්මතු වන ඵලදායී ප්‍රතිපත්ති, රටේ ප්‍රගමනයට දායක කරගත හැකි වේවායි ප්‍රාර්ථනා කරමි.
ReplyDeleteWije, Thank you for opening the forum. My Sinhala typing is dispiritedly slow. As we both well understand policy discussions are important throughout the policy circle. What I am anticipated is not this beginning but the continuation of the dialogue. It is very much essential understanding the truth of convergence of dissimilar opinions and ideas to make the output more live. I am looking forward a fruitful engagement on 4th. Hope to see you there.
ReplyDelete