නැගෙනහිර
නන්දීකඩල් කලපුව ,
ඇයි මේ තරම් හීතල
අප්පාගෙ උණුහුම නොදත් මට.
මේ අළුත් රවුළු ගස්, වලින් මට හරි කරදර
අන්නා උන්නා නම් - ඒගැන කියා දේවිද .
වෙඩි හඬට බියවී,තැනින් තැන දුව ගියවග
ඔවුන් අප රැකගෙන, උපන්ගම ගෙනත්ලූ වග
කවුරුත් කියන්නේ - එකමම කතාවය.
කාගෙන් අහන්නද? අම්මාට
උමතුව ,
ඈ ඔහේ ඉන්නී- එකම අත
බලාගෙන.
කවුදෝ හදා දුන්, මේ ගමේ හැමගේ දොර
ඔක්කෝම එකම වාගෙය.
ලොකු කුඩා හැම පමණ ඉස්සන්
මගේ දැල වෙත එවන් කඩවර…………..!
උනගෙ රස මස විකුණා,
පිටි ඇබින්දක් ගෙන ගොස්
රොටියක් උයාදී,
නංගි මල්ලී ගොඩකරන්නට,
අර
අළුත් ලොකු ඉස්කෝලෙට.
ජ්‍යෙෂ්ඨ උපදේශක
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය
Photo Courtesy by http://www.sundayobserver.lk
කදිමට මානව දයාව ඉතිරෙන කවියක්! මුලතිව් සමූහ සංහිදියා අත්දැකීම පුද්ගල බද්ධ අත්දැකීමක් වූ හැටි! සංවේදී නෙතකට පෙනුන දේ සංවේදී සිතක ප්‍රතිබිම්බ වූ වෙනස ! තව තවත් කවි ලියන්න ශක්තිය ලැබේවා!
ReplyDelete