Thursday, May 28, 2015

රාජ්‍ය පාලනය පිළිබඳ ස්ලීඩා සැසිය. SLIDA Forum on Governanace



රාජ්‍ය පාලනය පිළිබඳ ස්ලීඩා සැසිය.


සාකච්ඡා වටය 01


දැක්මැති නායකත්වය (Visionary Leadership)

පරිවර්තන කළමනාකරණය (Change Management)

ප්‍රාදේශීය රාජ්‍ය පාලනය (Local Governance)

සහ
 ස්ලීඩා පර්යේෂණ ග්‍රන්ථය එළිදැක්වීම.




රාජ්‍ය පාලනය තුළ න්‍යායාත්මකව සහ ප්‍රායෝගිකව හමුවන විවිධ මාතෘකා ඔස්සේ ශාස්ත්‍රීය සංවාදයක් ගොඩනැගීමට මෙම සැසිය අරමුණු කර ගනී. එලෙස සජීවි සංවාදයක් ගොඩනගන මොහොතේ න්‍යායන් කොතරම් ප්‍රායෝගික යන්න විමර්ශනය කිරීම බලාපොරොත්තු වේ.

තුළ ශ්‍රී ලාංකික රාජ්‍ය සේවයෙන් සක්‍රීයව පිළිබිඹු නොවූ  උත්ගාමි තර්කණය හුදෙක් විශ්වවිද්‍යාල කතිකාවකට සීමා නොකර ව්‍යවහාර භාවයන් (applied implications) තුළ රාජ්‍ය සේවකයාට ඒත්තු ගැන්වීමට උත්සාහ කරමු.

ප්‍රතිපත්ති සම්පාදනයේදී  සංවාදයේ අවශ්‍යතාවය මෙම සැසියේ තවත් අරමුණකි.

මෙම සංවාදයට දිගු අනාගතයක් අපේක්ෂාවෙන් වර්තමානයේ ගන්නා වූ උත්සහයට ඔබගේ ප්‍රචාරාත්මක අදහස් බලාපොරොත්තු වේ.


මෙම සැසියේ සාකච්ඡා වන මාතෘකා

මාතෘකා 01
අඛණ්ඩ ආයතන පරිවර්තන කළමනාකරණය තුළින් ආයතන සහ පුද්ගල පරිවර්තනය
ජිනසිරි දඩල්ලගේ මහතා
ලේකම් - රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන හා ප්‍රජාත්‍රන්තීය පාලනය පිළිබඳ අමාත්‍යාංශය

මාතෘකා 02
ප්‍රාදේශීය පාලන වියදම් සඳහා ප්‍රතිපත්තිමය ඇඟවුම් : ශ්‍රී ලංකා අත්දැකීම්
ආචාර්ය සේපාලිකා සුදසිංහ
ජ්‍යේෂ්ඨ උපදේශක

මාතෘකා 03
රාජ්‍ය පාලනය නැවත සැකසීම : දැක්මැති නායකත්වය සහ යාන්ත්‍රනික ක්‍රියාවලිය
හරීන් ගුණවර්ධන - උපදේශක