Tuesday, May 26, 2015

රාජ්‍ය සේවකයාට බ්ලොග් අවකාශයේ ඉඩක්!






පුරවැසි මාධ්‍යකරණයට පමණක් සීමා වූවක් ලෙස පොදුවේ අදහස් කරන බ්ලොග් හා සමාජ ජාල අවකාශය ශ්‍රී ලාංකික රාජ්‍ය ආයතන වලට විවෘත කිරීමේ තවත් ප්‍රයත්නයකි මෙය!
ICTA ආයතනයේ ඉ-රාජ්‍ය ප්‍රතිපත්ති බ්ලොග් හා සංවාද සංසඳ ඉතා සාර්ථක වූවා පමණක් නොව එය එක්සත් ජාතීන්ගේ ඉ- සහභාගීත්ව (e-Participation) දර්ශකයේ 37 වන තැන ශ්‍රී ලංකාවට ලබා දීමට ඉවහල් විය!
මෙය බ්ලොග් අඩවියක් පමණක් නොව රාජ්‍ය ප්‍රතිපත්ති පර්යේෂණ ආදියට සංවාද මණ්ඩපයක් ද වනු ඇත. එසේම SLIDA ආයතනයේ ප්‍රකාශන වැඩසටහන්, වැඩමුළු ආදිය ද එළි දැක්වෙන සාකච්ඡා කරන තැනක් වනු ඇත.
එපමණක් නොව ඕනෑම රාජ්‍ය සේවකයෙකුට තම පැදි පෙළක්, කෙටි කතාවක්, විමංසාවක් පළ කිරීමටද මංසලක් වනු ඇත.
රාජ්‍ය සේවයේ නියුතු ඔබගේ නිර්මාණයන් මෙහි පළ කිරීමට අපි ඉත සිතින් බලා සිටිමු. ඔබගේ නිර්මාණ මේ ලිපිනයට එවන්න.
slidablogspot@gmail.com
මෙය දහසක් මල් පිපෙන අදහස් වලට තෝතැන්නක් වේවා!
වසන්ත දේශප්‍රිය 
 
 

No comments:

Post a Comment