Wednesday, May 27, 2015

රාලහාමි නීතියට වැඩ



සමාගම් වත්තේ සන්දනම්

ගලවා සෙරෙප්පු දොරකඩ

අතට ගෙන තොප්පිය

රාලහාමිගේ කන්තෝරුවට

ඇවිත්


තතනන හැඩුම් බිහිරිය

නැගෙනා ගොරබිරම් හඩට සලිතව

සන්දනම් විසිවෙයි

කන්තෝරු කාමරෙන් එළියට


දූලි කුණු පිහ පිහ

සන්දනම් නැගිට හනිකට

තබයි දිගු පියවර

මුරුංගා කරල් දෑත් වන වන


ගම් සභා මැතිදු දෙවුර මත

පියාපත් දිග හැර

සන්දනම් ආයෙමත්

කන්තෝරු දොරකඩ

නීතියට වැඩ කරන අකුරට

රාලහාමි කරබා ගෙන

හැඩකාර අත්සන ගසයි

න්දනම් අත වෙව්ලන

පෝරමයෙ කෙළවර


සන්දනම් වැද වැටෙයි

මැති ගිජිදු පාමුල

රාලහාමි නීතියට වැඩ අකුරට

---------------------------------------------------------------------------
එච්.ඒ.සී.නිශ්ශංක
ග්‍රාම නිලධාරි
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
රත්නපුර
-----------------------------------------------------------------------------
(මෙම නිර්මාණය SLIDA NEWSLETTER March-April 2015  කලාපයෙහි මානස විලෙහි පළ වූවකි. )

5 comments:

  1. රාජ්‍ය සේවයේ පවතින දේශපාලනයට නැමුනු අණ ඉක්මනින්ම ක්‍රියාත්මක වීමේ ක්‍රමය අපූරුවට පද වලට අමුණලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබගේ නිර්නාමික කමෙන්ටුවට. ඔබට ඔබගේ ඊ මේල් ලිපිනය හරහා ඇතුළුවී ඔබගේ නමින්ම කමෙන්ට් කිරීමටද හැකියි.

      Delete
  2. ඇත්ත ඇති සැටියෙනි
    දුරලමු මෙවන් දුබලතා
    අදිටනින්
    අපි සැම!!!

    රාජ්‍ය සේවයේ දේශපාලනික ඉලාස්ටිකය නිරාවරණය කෙරුණු තවත් අපූර්ව කවි පංතියකි...

    ReplyDelete
  3. Really good thought.should encourage all public servants to attend activities like these and release their stress. "Space in the Cyber Space for public servants/clients" , a great step taken by SLIDA. wish you all the success to spread the message through entire public service.
    W. W. V. K Mendis

    ReplyDelete
  4. සේවය "ඉ" මාර්ගගත උනා නම්, එහෙම වෙන්නේ නෑ.

    ReplyDelete