Thursday, May 28, 2015

රාජ්‍ය පාලනය පිළිබඳ ස්ලීඩා සැසිය. SLIDA Forum on Governanace



රාජ්‍ය පාලනය පිළිබඳ ස්ලීඩා සැසිය.


සාකච්ඡා වටය 01


දැක්මැති නායකත්වය (Visionary Leadership)

පරිවර්තන කළමනාකරණය (Change Management)

ප්‍රාදේශීය රාජ්‍ය පාලනය (Local Governance)

සහ
 ස්ලීඩා පර්යේෂණ ග්‍රන්ථය එළිදැක්වීම.




රාජ්‍ය පාලනය තුළ න්‍යායාත්මකව සහ ප්‍රායෝගිකව හමුවන විවිධ මාතෘකා ඔස්සේ ශාස්ත්‍රීය සංවාදයක් ගොඩනැගීමට මෙම සැසිය අරමුණු කර ගනී. එලෙස සජීවි සංවාදයක් ගොඩනගන මොහොතේ න්‍යායන් කොතරම් ප්‍රායෝගික යන්න විමර්ශනය කිරීම බලාපොරොත්තු වේ.

තුළ ශ්‍රී ලාංකික රාජ්‍ය සේවයෙන් සක්‍රීයව පිළිබිඹු නොවූ  උත්ගාමි තර්කණය හුදෙක් විශ්වවිද්‍යාල කතිකාවකට සීමා නොකර ව්‍යවහාර භාවයන් (applied implications) තුළ රාජ්‍ය සේවකයාට ඒත්තු ගැන්වීමට උත්සාහ කරමු.

ප්‍රතිපත්ති සම්පාදනයේදී  සංවාදයේ අවශ්‍යතාවය මෙම සැසියේ තවත් අරමුණකි.

මෙම සංවාදයට දිගු අනාගතයක් අපේක්ෂාවෙන් වර්තමානයේ ගන්නා වූ උත්සහයට ඔබගේ ප්‍රචාරාත්මක අදහස් බලාපොරොත්තු වේ.


මෙම සැසියේ සාකච්ඡා වන මාතෘකා

මාතෘකා 01
අඛණ්ඩ ආයතන පරිවර්තන කළමනාකරණය තුළින් ආයතන සහ පුද්ගල පරිවර්තනය
ජිනසිරි දඩල්ලගේ මහතා
ලේකම් - රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන හා ප්‍රජාත්‍රන්තීය පාලනය පිළිබඳ අමාත්‍යාංශය

මාතෘකා 02
ප්‍රාදේශීය පාලන වියදම් සඳහා ප්‍රතිපත්තිමය ඇඟවුම් : ශ්‍රී ලංකා අත්දැකීම්
ආචාර්ය සේපාලිකා සුදසිංහ
ජ්‍යේෂ්ඨ උපදේශක

මාතෘකා 03
රාජ්‍ය පාලනය නැවත සැකසීම : දැක්මැති නායකත්වය සහ යාන්ත්‍රනික ක්‍රියාවලිය
හරීන් ගුණවර්ධන - උපදේශක


Wednesday, May 27, 2015

රාලහාමි නීතියට වැඩ



සමාගම් වත්තේ සන්දනම්

ගලවා සෙරෙප්පු දොරකඩ

අතට ගෙන තොප්පිය

රාලහාමිගේ කන්තෝරුවට

ඇවිත්


තතනන හැඩුම් බිහිරිය

නැගෙනා ගොරබිරම් හඩට සලිතව

සන්දනම් විසිවෙයි

කන්තෝරු කාමරෙන් එළියට


දූලි කුණු පිහ පිහ

සන්දනම් නැගිට හනිකට

තබයි දිගු පියවර

මුරුංගා කරල් දෑත් වන වන


ගම් සභා මැතිදු දෙවුර මත

පියාපත් දිග හැර

සන්දනම් ආයෙමත්

කන්තෝරු දොරකඩ

නීතියට වැඩ කරන අකුරට

රාලහාමි කරබා ගෙන

හැඩකාර අත්සන ගසයි

න්දනම් අත වෙව්ලන

පෝරමයෙ කෙළවර


සන්දනම් වැද වැටෙයි

මැති ගිජිදු පාමුල

රාලහාමි නීතියට වැඩ අකුරට

---------------------------------------------------------------------------
එච්.ඒ.සී.නිශ්ශංක
ග්‍රාම නිලධාරි
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
රත්නපුර
-----------------------------------------------------------------------------
(මෙම නිර්මාණය SLIDA NEWSLETTER March-April 2015  කලාපයෙහි මානස විලෙහි පළ වූවකි. )

Tuesday, May 26, 2015

රාජ්‍ය සේවකයාට බ්ලොග් අවකාශයේ ඉඩක්!






පුරවැසි මාධ්‍යකරණයට පමණක් සීමා වූවක් ලෙස පොදුවේ අදහස් කරන බ්ලොග් හා සමාජ ජාල අවකාශය ශ්‍රී ලාංකික රාජ්‍ය ආයතන වලට විවෘත කිරීමේ තවත් ප්‍රයත්නයකි මෙය!
ICTA ආයතනයේ ඉ-රාජ්‍ය ප්‍රතිපත්ති බ්ලොග් හා සංවාද සංසඳ ඉතා සාර්ථක වූවා පමණක් නොව එය එක්සත් ජාතීන්ගේ ඉ- සහභාගීත්ව (e-Participation) දර්ශකයේ 37 වන තැන ශ්‍රී ලංකාවට ලබා දීමට ඉවහල් විය!
මෙය බ්ලොග් අඩවියක් පමණක් නොව රාජ්‍ය ප්‍රතිපත්ති පර්යේෂණ ආදියට සංවාද මණ්ඩපයක් ද වනු ඇත. එසේම SLIDA ආයතනයේ ප්‍රකාශන වැඩසටහන්, වැඩමුළු ආදිය ද එළි දැක්වෙන සාකච්ඡා කරන තැනක් වනු ඇත.
එපමණක් නොව ඕනෑම රාජ්‍ය සේවකයෙකුට තම පැදි පෙළක්, කෙටි කතාවක්, විමංසාවක් පළ කිරීමටද මංසලක් වනු ඇත.
රාජ්‍ය සේවයේ නියුතු ඔබගේ නිර්මාණයන් මෙහි පළ කිරීමට අපි ඉත සිතින් බලා සිටිමු. ඔබගේ නිර්මාණ මේ ලිපිනයට එවන්න.
slidablogspot@gmail.com
මෙය දහසක් මල් පිපෙන අදහස් වලට තෝතැන්නක් වේවා!
වසන්ත දේශප්‍රිය