Tuesday, January 24, 2017

New Director General Assumes Duties .....



New Director General Assumes Duties .....

Ms. Wasantha Perera has assumed duties as the Director General of the Sri Lanka Institute of Development Administration (SLIDA) on 19th December 2016.

A senior officer of Si Lanka Administrative Service, Ms Perera has started her career as a Assistant Divisional Secretary and later on served in senior positions in the Ministries of Defence, Finance, Foreign Affairs and Technology & Research. Further she has served as a Senior Diplomat at the Embassy of Sri Lanka in Washington D.C., United States of America.

Mrs. Perera is a Bio Science graduate from the University of Peradeniya. She possess a Masters Degree in Project Management from the University of Technology in Sydney, Postgraduate Diploma in Economics Development from University of Colombo and Postgraduate Diploma in Management from University of Sri Jayawardenapura.

Saturday, October 3, 2015

ඉතිං ආයුබෝවන් SLIDA මව්නි ගරු!


ඉතිං ආයුබෝවන් SLIDA මව්නි ගරු!
(වසන්ත දේශප්‍රිය විසින් 2015-09-11 දින ලියන ලදී)

SLIDA ශ්‍රී ලං..සේ. අප කාටත් පරිපාලනයේ අත් පොත් තැබූ මව්! ඇයට දෙවනුව සේවය කිරීමට ලැබීම ප්‍රතිගුණ සැලකීමේ අවස්ථාවක්!

රාජ්‍ය පරිපාලන ලේකම් දඩල්ලගේ මිතුරාගේ දැන්වීම අනුව ඉල්ලුම්පත්‍රයක් ඉ-මේල් මඟින් පමණක් යවා කාර්යයටම ඇරුණු සම්මුඛ පරීක්‍ෂණයකට මුහුණ දී තේරී පත්ව 2015.02.08 දින වැඩ භාර ගත් මට කණගාටු වෙන් අද දින මව්ට හා ඇයගේ කාර්යශූර කාර්ය මණ්ඩලයට සමු දීමට සිදු විය. 2015.09.08 දින පෙරවරුවේ ලේකම්වරයෙකු ලෙස පත් කරන බැව් දන්වන ලද දුරකථන පණිවුඩයට මගේ ඍජු පිළිතුර වූයේ මා විශ්‍රාම ගැනීම දක්වා සේවය කිරීමට කැමති SLIDA හි බව හා ලේකම් තනතුරු අපේක්‍ෂා නොකරන බවයි. ඊට හේතුව වූයේ මා SLIDA හි නායක ලෙස පත්වූ දින සිට මා පටන් ගත් මූලෝපායික ක්‍රියා මාර්ග ප්‍රතිඵල දරනුයේ 2016-2017 වසරවලදී වීමයි. මා SLIDA භාර ගන්නා විට එහි අධ්‍යයන මඩුල්ල ඔද බිදුණු හා දර්ශනයක් නොමැති කණ්ඩායමක් වූ අතර, මා පිහිට වූ දර්ශනය හා මූලෝපායික සැලසුම සමඟ අධ්‍යෙනේන්ද්‍රිය හා කළමනාකරණය තදින් ඒකාග්‍ර විය.

ශ්‍රී ලාංකික රාජ්‍ය තන්ත්‍රය මෙතෙක් වටහා නොගත් මූලික කරුණක් නම් දැනුමැති, ශික්‍ෂිත, කාර්ය ශූර, නිපුණැති (competent) හා ඵලදායි (effective) රාජ්‍ය කළමනාකරුවන් නොමැති වීම රජයේ අසමත් බවට ප්‍රධාන හේතුවක් වී ඇති බවයි. නිලධාරී තන්ත්‍රය හා පරිපාලනය දේශපාලනය වීම හැරුණු කොට රාජ්‍ය පරිපාලනයේ අසමත් බවට මූලික හේතුව නම් රාජ්‍ය කළමනාකරුවන්ගේ නිපුණතා (competencies) වර්ධනයට නිසි ජාතික සැලැස්මක් නොමැති වීමයි. මාගේ අදහස නම්, නිලධාරී තන්ත්‍රයේ අසමත් බවට රට කරවන්නන්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය හා SLIDA වගකිව යුතු බවයි. SLIDA ආයතනයේ නායකත්වයට මූලෝපායික සැලැස්මක්, නිශ්චිත වගකීමක් නැත. නිශ්චිත කාර්ය සාධනයක් බලාපොරොත්තු නොවේ. එහි රාජ්‍ය කළමනාකරුවන් රාජ්‍ය පරිපාලන කටයුතු සඳහා අවශ්‍ය වන සේ සූදානම් කිරීමට වගකීමක්, වගවීමක් නැත. SLIDA හි අධ්‍යක්‍ෂ ජනරාල් කැමති අයුරින් පත් කළ හැක. අපේක්‍ෂිත ඉලක්ක, කාර්ය සාධනය, සේවා කාලය පිළිබඳ ගිවිසුමක් නැත. මේ නිසා රාජ්‍ය කළමනාකරුවන් කැළයට විසි කළ එරඩු දඩු මෙන් වැඩීමට හැරීම හැර වෙනත් බලාපොරොත්තුවක් රජයට නැත. පුහුණු අවශ්‍යතා හඳුනා නොගැනීම හා පුහුණු ඉලක්ක නැති කමින් පුහුණුව අයාලේ යාම, එනිසා ප්‍රශස්ථ මට්ටමේ රාජ්‍ය නිලධාරීන් බිහි නොවීම, පුහුණුව ගැන විශ්වාසයක් නොමැති නිසා නිලධාරීන් පුහුණු වැඩසටහන්වලට සහභාගි නොවීම වැනි විෂම චක්‍රයක රාජ්‍ය කළමනාකරුවන් සිර වී ඇත. මෙයට පිළියම වන සියළු නිලධාරීන් සදහා රැකියා පැතිකඩ සැකසිය හැකි නිපුණතා (competency) රාමුවක් SLIDA මගින් නිපදවුවද ඒ ගැන කිසිවෙකුට වගක් නැත. (මා එම තනතුරට තෝරා ගත් සම්මුඛ පරීක්‍ෂණයේ දී පරිපාලන ප්‍රතිසංස්කරණ ඇරඹුමක් ලෙස නිපුණතා (competency) රාමුවක් සකසන බැව් ප්‍රකාශ කළ හෙයින් ද එය නිමවීමි). මෙම රාමුව නිලධාරීන්ට තම වර්තමාන තනතුරට මෙන් ම ඉනිමගේ ඊළග පියවරේ තනතුරට අවශ්‍ය නිපුණතා ගැන දැන ගත හැකි අතරම ඒවා ගොඩනගා ගැනීමට අවස්ථාවක් ලබා දේ. ලේකම්, අතිරේක ලේකම්, අධ්‍යක්‍ෂ ජනරාල් ආදී ප්‍රධාන තනතුරු සදහා රැකියා පැතිකඩ සකසා ඒ මත නිලධාරීන් පත් කිරීම් මෙන්ම ස්ථානගත කිරීම් කළ යුතු වුව ද ඒවා දැනට හැදුනුම් කම් හෝ තෙවැනි පාර්ශ්ව නිර්දේශ මත කෙරේ. එය තනතුරට වඩාත් ම සුදුස්සා තේරීමක් නොවන හෙයින් රාජ්‍ය සේවයේ කාර්යක්‍ෂමතාව ඉතා අඩු වේ. මෙයින් අප ගැලවෙන්නේ කෙසේද? ඒ කාර්යභාරය SLIDA හට භාර දිය යුතු නොවේද?

මෙම ප්‍රතිපත්තිමය කරුණු මත මට ලබා දුන් ලේකම් තනතුර දින දෙකක් තිස්සේ භාර නොගත්තද, රාජ්‍ය නිලදරුවකුගේ 24 x 7 කාලය, ශ්‍රමය හා දැනුම රජය සතුය යන ප්‍රතිපත්තිය මත ලේකම් කම භාර ගතිමි. මා කිසි විට ලේකම් තනතුරු බලාපොරොත්තු නොවූ බව මා වටා සිටි සියල්ලෝ දනිති.

කළමනාකරුවන් හා නායකයින් ලෙස අපගේ ඇති ප්‍රධාන අඩුපාඩුවක් ලෙස, සැලසුම් කිරීමට ප්‍රමාණවත් කාලයක් ගත නොකිරීම මම දකිමි. එහෙයින් මම මගේ රාජකාරී ජීවිතයේ ඉතුරුව තිබූ වසර 3 ½ ක කාලයෙන් මාස 6ක් SLIDA හි අනාගත කටයුතු සැලසුම් කිරීමට යොමු කිරීමට තීරණය කළෙමි.

මා අධ්‍යක්‍ෂ ජනරාල් තනතුරට තෝරා ගත් සම්මුඛ පරීක්‍ෂණයට SLIDA නැංවීම සඳහා ඉදිරිපත් කළ සැලසුමේ පහත දැක්වෙන කරුණු අඩංගු විය.

  1. SLIDA ඉල්ලුම් මූලිකව පුහුණු සේවා සපයන ආයතනයක් බවට පත් කිරීම
  2. SLIDA හි පුහුණු කටයුතු වල ගුණාත්මක බව නැංවීම. ඒ සඳහා වැඩිහිටි අධ්‍යාපන ක්‍රම මනා ක්‍රමවත්ව යොදා ගැනීම
  3. SLIDA paperless ආයතනයක් බවට පත් කිරීම
  4. රාජ්‍ය අංශය සඳහා competency framework සකසා රාජ්‍ය අංශයේ ඉහළ තනතුරු සඳහා පත් කිරීමට එය යොදා ගත හැකි තත්වයට පත් කිරීම
  5. SLIDA හි සේවා online ලබා දීම
  6. Open Government Partnership ට ශ්‍රී ලංකාව සම්බන්ධ කිරීම
  7. -රාජ්‍ය පද්ධති ගොඩ නංවා ඉ-රාජ්‍ය ප්‍රචලිත කිරීම, ඒ ගැන රාජ්‍ය නිලධාරීන්ගේ දැනුවත්බාවය මෙන්ම දැනුම ඉහළ නැංවීම
  8. පරිපාලන ප්‍රතිසංස්කරණ සඳහා සංවාද මණ්ඩපයක් ඇති කිරීම

මේ සඳහා මගේ මූලික අරමුණක් වූයේ ක්‍රමෝපායික සැලසුමක් (Strategic Plan) සැකසීම, SLIDA සඳහා ඉ-රාජ්‍ය සැලස්මක් සැකසීම, තත්ත්ව පාලන සැලැස්මක් සැකසීම, ඵලදායිතා නංවන සැලසුමක් සැකසීම, භෞතික පහසුකම් නැංවීමේ සැලසුම ආදියයි.

මා අපේක්‍ෂා කළ සැලසුම් වලින් බහුතරයක් 2015 අගෝස්තු වන විට අවසන් විය. අධ්‍යයන මෙන්ම අනධ්‍යන කාර්ය මණ්ඩලය මා වටා රොද බැඳ ගත්හ. මා අපේක්‍ෂා කළ පරිදි කාර්ය ශූර තරුණ නිලධාරීන් වන අෂ්රෆ්, චන්දිත් වැන්නෝ SLIDA හා අළුතින් එක් වූවෝය.

මා දකින නව භූමිය කරා යාමට අවශ්‍ය සියල්ල හා මග 2015 සැප්තැම්බර් වන විට සැකසී තිබිණි. අසීරු ගිරි දුර්ගයේ වැඩි කොට තරණය කොට ‍ක්‍ෂේම භූමිය පෙනෙන මානයේ විය. එපමණක් ද නොව නව ලේකම්වරු නාන තටාකයේ ගැඹුරු අන්තයට තල්ලු කිරීම වළකාලනු පිණිස මහාචාර්ය තිලකසිරිගේ ප්‍රධානත්වයෙන් එක් දින නේවාසික වැඩ මුළුවක්ද සංවිධානය කොට සියලු ලේකම්වරුන්ට අනිවාර්ය වන සේ එය පැවැත්වීමට ජනාධිපති ලේකම් කාර්යාලයට සියළු ලේඛන භාර දුනිමි.

කාර්යාල පිරිසිදු කරන කාර්ය මණ්ඩලයේ සිට ඉහළම නිලධාරීන් සමඟ සුභ උදෑසනක් පතා සෑම දිනකම උදේ 8.30 ට සැමට පෙනෙන අයුරින් කාර්යාලය ඉදිරියේ සිට ගෙන ජාතික ගීය හඬ නගා ගායනා කළෙමි. සුභ සාධක සංගමයේ සිට ආයතනික සියලු ප්‍රධාන කටයුතු සඳහා වැරැද්ද භාර ගෙන ප්‍රශංසාව කාර්ය මණ්ඩලයට ලබා දෙමින් සියල්ලන් සමඟ එක්ව රාජකාරියේ යෙදුනෙමි. මගේ රැකියා තෘප්තිය ඉහළටම නැග මැස්ලෝගේ න්‍යායට තවත් තට්ටුවක් එක් කළ යුතු තරමේ ප්‍රීතියෙන් සිටියෙමි. මා වැඩ කටයුතු අතර සිවුරුහම් බෑවා නොපමණි.

කොතැනක කුමක් කරමින් සිටියද දේශයේ කැදවුමට ඔබ පිළිතුරු දිය යුතුය. SLIDA වෙත ආලයෙන් ලේකම් කම දින 2-3 ක්ම ප්‍රත්ක්ෂේප කළද නව ඇමතිතුමාගේ අවංක කැඳවීමෙන්ද පසුව, මා සේවය කළ යුතු තැන තීරණය කළ හැක්කේ මා නොව රජය විසින් බව මන අදහසට එකග විමි. 

මාස 6ක් වැනි සුළු කාලයක් තුළ ආවෝ ගියෝ වැනි මා ගැන SLIDA ර්ය මණ්ඩළය ද, මා SLIDA කාර්ය මණ්ඩලය ද වෙත මෙතරම් තදින් බැදුණේ මන්දැයි මට අදත් තේරුම් ගත නොහැක.

සියලු යහපත් දෙයකටම වුව අවසානයක් තිබේ යන සාර්ව ධර්මතාව අනුව එය එතැනින් අවසන් විය. මා වඩාත්ම ආදරය කළ ආයතනයේ යතුරු හා භාණ්ඩ භාර දුනිමි. අළුත් ලේකම්ට වාහනයක් නොමැති නිසා තාවකාලිකව SLIDA වාහනය භාවිතා කිරීමට මට එහි පරිපාලනයෙන් අවසර ලැබිණි.

ශ්‍රී ලාංකික රාජ්‍ය අංශයේ දුර්වලතාවට හේතු වන ප්‍රධාන එක් කරුණකි පරිපාලනමය අස්ථාවරබව. මට මෙන්ම නව අධ්‍යක්‍ෂ ජනරාල්ට ද නිශ්චිත කාර්ය සාධන සැලැස්මක් නැත. මගෙන් මෙන්ම ඔහුගෙන් ද කිසිදු නිශ්චිත ප්‍රතිඵලයක් බලාපොරොත්තු නොවේ. එයට නිශ්චිත කාල රාමුවක්, නිශ්චිත සැලැස්මක්, නිශ්චිත ප්‍රතිඵලයක් ගැන අදහසක් කිසිවෙකු තුළ නොමැත. රාජ්‍ය නිලධාරීන්ගේ නිපුණතා (competency) වැඩීමට ඇති SLIDA හි තත්වය මෙය නම් රාජ්‍ය අංශය ගැන කුමන කතාද? ඉහළ රාජ්‍ය කළමනාකරණයෙහි නිපුණතා අවශ්‍ය මට්ටමේ නැති වීම ගැන වග කිව යුත්තේ කවුද? පරිපාලන ප්‍රතිසංස්කරණ, නව රාජ්‍ය කළමනාකරණය (New Public Management) ගැන කථාවේ SLIDA ඉන්නේ කොහිද? රාජ්‍ය අංශය ඉන්නේ කොහිද? මගේ වසර 3ක ඉතිරි රාජ්‍ය සේවා කාලය තුළ මගේ රාජකාරි ජීවිතයේ පළමු ආදරය වන ඉ-රාජ්‍ය ආශ්‍රිත කටයුතු ගැන සුපුරුදු වැඩ බද්දෙක් (workaholic) ලෙස මම සේවය කරමි. එහෙත් රාජ්‍ය කළමනාකරණය (Public Management) කොයිබටද? යන ප්‍රශ්නයෙන් ගැලවීමට එය මට ඉඩ නොදේ. එය මගේ සිතට රෑ දවල් හි වද දුන්නද එය මගේම ප්‍රශ්නයක් නොවේ. එසේ නම් එය කාගේ ප්‍රශ්නයක්ද?
එලෙසින් ම හරිත පැහැති සිත නිවන වටපිටාව, සුන්දර සිනහවෙන් නිතර සංග්‍රහ කරන කාර්ය මඩුල්ල, බුද්ධිමත් අභියෝගයන් භාර ගත් අධ්‍යනේන්ද්‍රිය, නව දිවියක් අරඹන සේවාරම්භක පුහුණු කණ්ඩායම්, විවිධ හා නව රසැති ආහාර දෙන ආපන ශාලාව, මගේ අණින් මුදල් වියදම් කිරීමේ හැකියාව, ස්වයං පාලන අයිතිය.. මේ සියල්ල තවත් වරක් මගේ රාජකාරි දිවියේදී නොලැබෙනු ඇත.
එසේ නම් හැගීම වරදක් ද,
දෙපා වාරු නැත ඔබ හැර යන්න ලෙස?
(මෙය රාජ්‍ය ප්‍රතිපත්ති විවේචනයකට වඩා ධනාත්මක පැත්තට තල්ලුවක් ලෙස සියල්ලන් සලකනු ඇතැයි සිතමි).

Friday, July 17, 2015

MPM in eGovernment by SLIDA; First and foremost, what is it for?







SLIDA called for a meeting with eGov experts in Sri Lanka to discuss the curiculum of MPM in eGovernment programme; However it became a discussion on why we should have a Master degree in eGov? Though most of the participants agreed that there is a vacum in eLeadership in government which demands for a master programme in Sri Lanka, there was a differnet train of thoughts.
We all agreed that this should be for Class III or II Managerial levels. If you look at Class I people they have got a master degree already and there should be diploma or certificate courses for them.
Dr Kanishka Karunasena who has a PhD on eGov (more importantly being a very proactive supporter, Kanishka sent his observations for this in an email to me), Mr Harin Gunawardana, the most experienced GPR consultant in Sri Lanka and Ms Samanthi Senanyake (SAS-IT in MPA) thought that we should first finalize the aims and objectives of this initiative should be carved out before embarking on to finalize the curriculum.
So lets look at the aims and objectives that were listed down by SLIDA.
=========
Aims and Objectives
Core questions to be addressed by this programme will include inter alia:
  • What government functions and practices are changed by e-Government initiatives?
  • What are the socio-political implications of e-Government?
  • How are e-Government initiatives designed and evaluated?
  • How are public administrators challenged by such initiatives? and
  • What are the consequences for the relationships between government and citizens?
The programme also has as its objectives;
  • An examination of the evolution of information policy in Sri Lanka
  • A look at best practices in e-government.in industrial countries such as the United Kingdom, South Korea, and China
================
Kanishka thought that there should be a Purpose Statement.

Purpose Statement: You all probably would like to include a purpose statement for the curriculum by including the specific aim and objectives of the program, the need of such a program for public sector, expected learning outcomes, target audience, and potential career advancements after following this program.

He also thought that “What are the specific skills and knowledge an e-government practitioner should have to effectively work in an e-government environment?”
=====

Harin was more aggressive to establish the intention of SLIDA in doing this!
Professor Thilakasiri explained capacity development is the core business of SLIDA and as there is a vacum and demand among public managers in knowledge of eGov, SLIDA intends to fulfill its duty by providing master degrees in eGov.
==
However there was no common agreement on the aims and objectives. So until the committee meets on 2015-07-24 at 4 pm to discuss the rest lets try to thrash out the aims and objecives of this programme pls.

Over to you!



Seminar on 19th Amendment

Seminar on 19th Amendment 
Do you know how it affects Public Service and your job ?


Monday, July 13, 2015

මතු මතුත් මගේම මවූ වේවා

මතු මතුත් මගේම මවූ වේවා

දස මසක් මා කුස දරන්
රතු රුහිරු බිදු කිරි කරන්
මගේ ලෝකය එලිකරන්නට
ඔබ දැරූ වෙර මහා මේර තරම්


පළමු ගුරු තුමිය වී නුබ මට
අයනු ආයනු කියාදී
මගේ ලොව සෙවනැල්ල වී ඔබ
පෙන්වූවා යන්නට යහ මග

පහන් තරුව වී මගේ ලොව
එලිය  කලා ඔබ මගේ ලෝකය
මතු මතුත් මගේ මවුම වෙන්නට
ඉඩ හරිනු මැන  ඔබේ කුස තුළ

සුනීතා පියසේන
වැඩසටහන් සහකාර

ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය

Monday, July 6, 2015

බලය



සෙවනැල්ල පතුරවා,
සඳට...
සීමා පනවනා ඉර,
එකසේම -
තෙදවත්ය.
හැමදාම !


ශ්‍රියානි ධම්මිකා කුමාරි ජයසේකර

ජෙයෂ්ඨ උපදේශක, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය