Monday, July 13, 2015

මතු මතුත් මගේම මවූ වේවා

මතු මතුත් මගේම මවූ වේවා

දස මසක් මා කුස දරන්
රතු රුහිරු බිදු කිරි කරන්
මගේ ලෝකය එලිකරන්නට
ඔබ දැරූ වෙර මහා මේර තරම්


පළමු ගුරු තුමිය වී නුබ මට
අයනු ආයනු කියාදී
මගේ ලොව සෙවනැල්ල වී ඔබ
පෙන්වූවා යන්නට යහ මග

පහන් තරුව වී මගේ ලොව
එලිය  කලා ඔබ මගේ ලෝකය
මතු මතුත් මගේ මවුම වෙන්නට
ඉඩ හරිනු මැන  ඔබේ කුස තුළ

සුනීතා පියසේන
වැඩසටහන් සහකාර

ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය

No comments:

Post a Comment